වෙඩි තැබීම සිදුව ඇත්තේ මුදල් ආරවුලක් හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්.නිවසට පැමිණි පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේතුවාල ලැබු නිවසේ සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මරදාන පොලීසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.