රත්‍රං ගවේෂණයට පෙර සූදානමක්

අගෝ 02, 2019

    ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශීය ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

    උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු එම මායිම් ගම්මානවල ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ආයෝජන මණ්ඩලය හරහා මේ වනවිට විදේශ ආයෝජන ලැබෙමින් පවතින බවයි පැවසෙන්නේ.

    ඒ අනුව රත්‍රං ගවේෂණය සඳහා සේරුවිල, මතුගම, පැලවත්ත යන ප්‍රදේශ සඳහා විදේශීය ආයෝජනය ද ඇතුළුව ගවේෂණ බලපත‍්‍ර සඳහා මේ වනවිට ඉල්ලුම් පත‍්‍ර ලැබෙමින් පවතින බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

    මෙරට රත්‍රං කැණීම සඳහා රජය මගින් නීත්‍යනුකූල බලපත‍්‍ර ලබාදීම බි‍්‍රතාන්‍ය යුගයේ සිට සිදුකර ඇත.

    1990 වර්ෂයේදී  ඇඹිලිපිටිය ආසන්නයේ කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේ සහ 2012 වර්ෂයේදී කැලණි ගඟ ආශ‍්‍රිතව රත්‍රං කැණීම සඳහා බලපත‍්‍ර 200ක් පමණ ලබාදී තිබේ.

    මෙම බලපත්‍ර ලබා දීම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුවිය.

    Latest News