සා.පෙළ හැඳුනුම්පත් 99%ක් සූදානම්

නොවැ 19, 2018

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉල්ලුම් කළ අදාළ හැඳුනුම්පත් වලින් 99%ක් මේ වන විට නිකුත් කර අවසන් බව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    මෙවර අයදුම්පත්‍ර තුන් ලක්ෂ අනූපන් දහසක් ලැබී තිබූ බව එහි කොමසාරිස් වියානි ගුණතිලක මහතා පවසයි.

    හැඳුනුම්පත් තුන් ලක්ෂ අනූ දෙදහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට නිකුත් කර අවසන්. ඉතිරි හැඳුනුම්පත් ප්‍රමාණය කඩිනමින් නිකුත් කිරීමට නියමිතයි. හැඳුනුම්පත් කිහිපයකට අදාළව පැවැති අඩුපාඩු නිවැරදි කිරීම සඳහා නැවත යොමුකර තිබේ. ඒවා කඩිනමින් ලබාදීමට හැකිවන බව පවසන පුද්ගලයන් ලියාපංදිචි කිරීමේ කොමසාරිස්වරයා මේ වන විටත් හැඳුනුම්පත් සකස් කර ගොන නොමැති සිසුන් සිටී නම්, විදුහල්පතිවරුන් මාර්ගයෙන් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කෙරේ. මෙවර ඒ සඳහා විශේෂ දින වෙන් කිරීමක් සිදු නොකෙරෙන බවත්, හැඳනුම්පත් සකස් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින් නොපමාව අදාළ ලිපි ලේඛන දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්වීමෙන් එම කටයුතු වඩාත් පහසුකර ගැනීමට හැකිවන බවයි, වියානිගුණතිලක මහතා පවසන්නේ.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 09:13

    Latest News