අර්ජුනගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි

අගෝ 08, 2019

    පර්පචුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන අලෝසියස් මහතාට සතියේ සෑම සතියකම ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

    අර්ජුන් අලෝසියස් මහතාගේ නීතිඥවරුන් මෝසමක් මගින් අධිකරණය හමුවේ කල ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වවරිය, සෑම මසකම අවසන් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේවන විට තාවකාලික තහනමකට ලක්කර ඇති පර්පචුවල් ට්‍රෂරීස් සමාගමට අයත් ගිනුමක ෂේශය 2018. 02.16 සිට මේ දක්වා දැනුම් දී නොමැති බැවින් එම ෂේශය සම්බන්ධයෙන් දැනුම් දීමට නියෝගයක් නිකුත් කරන ලෙසද අර්ජුන්අඅලෝසියස් මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ගිණුමේ මුදල් කොටස් වෙළඳපළේ පවතින සමාගමක ගිනුමට යොමුකර දෛනික පොලිසිය මුදලක් එකතු වීමට තිබූ අයිතියද පසුගිය ජූලි මස 5වනදා සිට අහිමි කර ඇති බවට ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

    අදාළ කරුණු දෙක සම්බන්ධයෙන් ලබන 20වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව හා නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින රජයේ නීතිඥවරියට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 17:18

    Latest News