බොදු බලය - කඳුළු ගැස් ප්‍රහාරය ගැන පරික්ෂණයක්

නොවැ 19, 2018

    බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විමට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

    බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබිණ. එම සංවිධානයේ හිමිවරුන් පැමිණිම ගැන ජනාධිපතිතුමන් දැන නොසිටිය බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයකින් කියා සිටියි. 

    ජනපති මාධ්‍ය නිවේදනය

    බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකවම සිය කනගාටුව පළ කර සිටී.

    උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.

    Latest News