ගොවියාගේ නිෂ්පාදන වියදම වෙනුවෙන් වී මිලේ වෙනසක්

අගෝ 12, 2019

    ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත්, ඒ අනුව සංශෝධිත මිලට අදාළව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    රුපියල් 41ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46ටද, 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වගා හානිවූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 950 දෙනකු වෙනුවෙන් මිලියන 140ක වන්දි මුදල් මෙහිදී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදානය කෙරිණ.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 12:36

    Latest News