ඒ සහරාන්ගේ මරණ පරීක්ෂණය සඳහා සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැත්තිය අද කොටුව මහේස්ත්‍රාත්වවරයා ඉදිරියේදී ඉදිරිපත් කල අවස්ථාවේදී. සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ වසර 4ක් වයසැති දරුවා ද ෆාතිමා සාදියා රැගෙන විත් තිබිණ. මෙහිදි සහරාන්ගේ නිවස පිහිටා තිබු කාත්තන්කුඩි ප්‍රදේශයේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ද සාක්ෂි ලබාදීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවා තිබිණ. රහස් පොලිසියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සහරාන්ගගේ බිරිඳ සහ දියණිය අධිකරණ භුමියට රැගෙන විත් තිබිණ.