මීගස්වැවදී මහරෑ 3කට මරු කැඳවමින් අනතුරක්

අගෝ 16, 2019

    දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ඟයේ පරණ මීගස්වැව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගියේය.

    තවත් දෙදෙනෙක් මිය ගියේය. තවත් දෙදෙන් තුවාල ලැබීය. වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. අසාධ්‍ය තත්වයේ පසුවූ අනෙක් පුද්ගලයා මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇතැයි, අප වාර්තාකරු පවසයි.

    මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කඳුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් ද වෙයි.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 07:47

    Latest News