අද පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම යුද හමුදා නිලධාරියා නිරතවෙමින් සිට තිබේ. පුහුණුවීම් අතර තුර පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී තිබේ. කුඩාඔය කමාන්ඩෝ යුධ හමුදා පුහුණු පාසලේ බළලත් නිළධාරි 02 නිළයේ සිටි හැලිවත්ත කංකානම්ලාගේ චම්පික කුමාරසිංහ වන අතර ඔහු පුහුල්වැල්ල කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරුව බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
්