ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම එක්දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ. මෙම වර්ජනය මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොකරනයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙම වර්ජනයට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසයි. දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ජනතාව මුලා කරන ව්‍යාජ කරුණු මත පදනම්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවු ප්‍රකාශ කරන්නේ.