Update : ශ්‍රීලනිප-පොහොට්ටු 7වන වටයේ සාකච්ඡා සාර්ථකව අවසන්

අගෝ 27, 2019

    ශ්‍රීලනිප සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර හත්වන වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් වේ.

    ජනාධිපතිතුමා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට එකඟතාවයකට පැමිණි බව බව වාර්තාවේ.

    ශ්‍රීලනිප-පොහොට්ටු 7වන වටයේ සාකච්ඡා - (පෙ.ව. 11:00)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හත්වන වටයේ සාකච්ඡා අද(27) පෙ.ව. 10:15ට පමණ ආරම්භ වී තිබේ.

    එම පක්ෂ දෙක අතර මීට පෙර සාකච්ඡා වාර හයක් පමණ පැවැත්විණි. දෙපාර්ශවය අතර සාකච්ඡා මාසයක පමණ කාලයක් නතර වී තිබුණි.

    එ අනුව අගොස්තු 11 වැනිදා පැවති පොදුජන පෙරමුණේ සම්මේලනයේදි ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කෙරිණ. පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගි නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එහි ලේකම් දායාසිරි ජයසේකර මහතා විසින් කියා සිටියේය.මෙම තිරණය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව විසින් ගත් තිරණයක් බවත් ඔහු පැවසීය.

    කේසේ හෝ දෙපාර්ශවය අතර පැවති දුරස්ථාවන් අවම කර ගැනිමෙන් පසු හත්වන වටයේ සාකාච්ඡා සඳහා අද දිනය නියම කර ගැණින.

    ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන් සහභාගී වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 13:24

    Latest News