ගෝඨාභය ජනපති වුණොත් අමෙරිකාවට එරෙහි ගිවිසුම් නැහෑ ; චමීර පෙරේරා

සැප් 08, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ රටේ ජනාධිපති වුවහොත් ඉදිරි වසර 10 තුළම අමෙරිකාවට විරුද්ධව ගිවිසුම් අත්සන් කළ නොහැකි බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා....

    “විමල් වීරවංශ මහත්තයා කියන එක ඇත්ත. ඕනෑම අමෙරිකන් කාරයෙකුට මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා පෙන්නුවේ ගෝඨාභය මහත්තයා. දැන් එයා අපේක්‍ෂකයත් වෙලා. පුරවැසිභාවය ඔහුගේ අහිමි වුණත් අමෙරිකානු ආගමන-විගමන නීතියට අනුව අවුරුදු 10ක් යනකම් අමෙරිකාවට වග කියනවා. ඒ නිසා ඔහුට අමෙරිකාවට විරුද්ධව ගිවිසුම් අත්සන් කරන්න බැහැ. අමෙරිකාවට විරුද්ධව ආරක්ෂක වශයෙන් මෙහෙයුම්වලට එකඟ වෙන්න බැහැ. මේ රටේ පාපයකට, කරුමයකට ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපති වුණොත් ඔහු අවුරුදු 10ක් හිටියොත් අවුරුදු 10ම ඔහු අමෙරිකානු ඉත්තෙක්. විමල් වීරවංශ මහත්තයා කිව්ව එක හරියටම හරි යැයි“ චමීර පෙරේරා පැවසිය.

    Last modified on ඉරිදා, 08 සැප්තැම්බර් 2019 19:19

    Latest News