සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ අසුනට හේරත්

සැප් 09, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට එච්. එම්. ඩී. බී. හේරත් මහතා නම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පසු ගිය දා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ අනුව එම පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා හේරත් මහතා නම් කර ඇත.

    එච්. එම්. ඩී. බී. හේරත් මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කර පසුව වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත්ව කටයුතු කර තිබේ. පසුව වයඹ පළාත් සභාවට තරග කර එහිද මන්ත්‍රීවරයෙකු ලෙස හා ඉන්පසු කෘෂිකර්ම හා සෞඛ්‍ය යන පළාත් අමාත්‍යධූර හොබවා ඇත. ඔහු 2015 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළේය.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 19:03

    Latest News