රාගම - වත්තල ප්‍රදේශ කිහියකට ජලය අත්හිටුවීමක්

සැප් 12, 2019

    ගම්පහා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතියේ බිඳ වැටිමක් හේතුවෙන් ජලය සැපයිම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හ ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව රාගම සහ වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට අද (12) පස්වරු 01.00දක්වා ජල සැපයුම අත්හිටුවේ.

    වත්තල - මාබෝල, ජා - ඇල සහ කටුනායක - සීදුව නගර සභා බලප්‍රදේශ, වත්තල, මහර සහ ජා - ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා ඇති බව මණ්ඩලය කියා සිටී.

    පසුගිය අඟහරුවාදා (10) පෙරවරු 09.00 සිට පැය 18ක ජල අත්හිටුවිමක් කර ජල නල පද්ධතියේ අළුත්වැඩියාවක් සිදු කෙරිණ. එම අළුත්වැඩියා සිදු කළ ජලනලයක් පුපුරායාම හේතුවෙන් අද දින ජල අත්හිටුවිම සිදුවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටි.

    Latest News