නැගෙනහිර පළාත් ත්‍රස්තවාදී මුලස්ථානය වටලා ත්රස්තවාදීන්ට වෙඩිතබා ඝාතනය කොට යුද හමුදාවට විසින් එහි ප්‍රධාන ත්‍රස්තවාදී නායකයා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට එම මෙහෙයුමේ අරමුණයි.
පසුව ඉතා සූක්ෂම ලෙස යුදහමුදා සහ ගුවන් හමුදා බලඇණිවල සෙබළු 50 කින් යුත් කණ්ඩායමක් මෙම ස්ථානය වටලා විදේශීය කණ්ඩායම් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට එන අවස්ථා සොයා බලා වැටලීම සිදුකරමින් වෙඩි තබා බෝම්බ ගසා එම ස්ථානය අත්පත් කර ගැනීම මෙම මෙහෙයුමේ දී සිදුකෙරේ.
ප්‍රධාන ත්‍රස්තවාදී නායකයාගේ ආරක්ෂාවට සිටි සියලුම ත්‍රස්තවාදී සෙබළුන් ඝාතනයකර නායකයා ඇතුළු තිදෙනකු යුද හමුදාව අත්අඩංගුවට ගැනීම සිදුවිය. පසුව ගුවන් හමුදාවේ සහය ඇතිව හෙළිකොප්ටර් යානාවක් සිගිරියට ගෙන්වා ප්‍රධාන ජාවාරම්කරු හෙළිකොප්ටරයක එල්ලා රැගෙන යෑමට යුද හමුදාව ක්‍රියා කළේය. එය අනුව දියකාවා මෙහෙයුමේ දස වැනි පුහුණුවීම සාර්ථකව පැවැත්විණ.