මුතියංගණ සෑ රජු අභියස රටට සෙත්පතා ආශිර්වාද පූජාවක්

සැප් 28, 2019

    බුදුරජාණන් වහන්සේ මුතියංගණයට වැඩම කරවීම සිහි කරමින් රටට සෙත්පතා ආශිර්වාද පුජාවක් ඊයේ (27) සිදු කර තිබේ.

    බුදුන් වහන්සේ වසර 2600 කට පෙර මහ රහතුන් වහන්සේලා 500 ක් පිරිවරා මුතියංගනයට වැඩම කිරීම සිහිපත් කරමින් රටට හා රටවැසියාට සෙත්පතා මෙම ආශිර්වාද පූජාවක් හා සෙත් පිරිත් සජ්ජායක් සිදු කර ඇත. ඒ සඳහා මහා සංඝයාවහන්සේ 200 නමක් මුතියංගන චෛත්‍ය මළුවට වැඩම කරවා තිබේ.
    අස්ගිරි පාර්ශවයේ මහා නායක මුතියංගන විහාරාධිපති වරකාගොඩ ඥානරතන නාහිමිගේ සහ බදුල්ල මුතියංගන භාරකාර අස්ගිරි පාර්ශයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම ආශීර්වාද පූජාව සංවිධානය කර තිබිණ.

    Latest News