ලිත් මුද්‍රණය කර රජයේ මුදල් සාවද්‍ය පරිහරණයට බැසිල්ට එරෙහි නඩුව නො.28 විභාගයට

ඔක් 14, 2019

    රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 28 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ එම නඩුව නොවැම්බර් මස 28වැනිදා විභාගයට ගන්නා බවයි.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුලින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 11:39

    Latest News