මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැඳවනු ලැබීය. එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ අතර එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කළේය.