ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ලිපිනයට, ලිපියක් යොමු කරමින්, ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. ප්‍රසිද්ධ විවාදයක් සඳහා පසුගිය බදාදා ආරාධනාවක් කළ අතර, තවමත් එවන් විවාදයකට රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එහි සඳහන්. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය තුල ලොව පුරා ජනාධිපතිධූර අපේක්‍ෂකයන් කිසිදු දෙගිඩියාවකින් තොරව තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෘජුව සහ මැදිහත්ව විවාද කරයි. එවැනි විවාද රූපවාහිනී හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විකාශය කෙරේ.
රාජපක්‍ෂ මහතාගේ උපදේශකයින් ලිඛිත ආරාධනයක් නොලැබුණු බව ප්‍රකාශ කරන නිසා යළි විවාදය වෙනුවෙන් ලිඛිත ආරාධනයක් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියේ සඳහන් කරන්නේ.