ඒ අනූව, ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී සාකච්ජා කිරීමට සූදානම් බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේය.
විධායක සහ ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් හෝ ගැටුමක් නොමැති බවත් පවතින ගැටලුකාරී තත්වය සෑම විටම සාකච්ජා මට්ටමින් විසඳා ගැනීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.