මිලේනියම් ගිවිසුම රටට අහිතකර නම් ඉල්ලා අස්වෙන්න සූදානම්; ඇමති මංගල

නොවැ 06, 2019

    එම්.සී.සී ගිවිසුම රටට අහිතකර බවට ඔප්පු කළහොත් තමා දේශපානයෙන් සමුගන්නා බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ඔහු ඒ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.

    අමාත්‍ය මංගල සමරවීර...

    “රාජපක්‍ෂ කඳවුර ජනතාව පටු අවස්ථාවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් නොමඟ යැවීම අලුත් දෙයක් නොවේ. සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන්නට යන අවස්ථාවේදී ඉන්දියන් බිල්ලෙක් මැව්වා. තමුන්නාන්සේලා අපි දන්නවා සුවසැරිය ගිලන් රථ සේවය අද මේ රටේ ඓතිහාසික ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. එම්සීසී බිල්ලක්, එහෙම නැත්නම් අමෙරිකන් විරෝධි භීතිකාවක් මේ රට තුළ ඇති කරන්නට සුපුරුදු පරිදි මේ අය උත්සාහ කරනවා. නාමල් රාජපක්‍ෂ මහත්තයගේ සමාජ මාධ්‍ය හරහා කොරිඩොවක් පෙන්වනවා. මුලු ලංකාවේ මේ අමෙරිකන් කොරිඩොවකට පාවාදෙන්න හදනවා. ලංකා ඉතිහාසයේ මහා පාවාදීම කියලා මේ එක එක විධියට එක එක දවසේ මේ අය දානවා. පර්චසයක් අමෙරිකාවට දෙනවලු රුපියල් 180යි ශත ගනිනුත් තියෙනවා. මම තමුන්නාන්සේලාට එක දෙයක් කියන්න කැමතියි එම්සිසී ගිවිසුමේ කාටහරි පෙන්වන්න පුලුවන් නම් ලංකාවේ එක බිම් අඟලක් අමෙරිකාවට දෙන්න හදනවායි කියලා එහෙම නැත්නම් මේ කොරිඩෝව තියෙන පිටුව පෙන්නුවොත් මම ඒ මොහොතෙම දේශපාලනයෙන් අස්වෙනවා“ යැයි මංගල සමරවීර මහතා පැවසීය.

    Latest News