"බුල් බුල්" චණ්ඩ වේ - නාවික සහ ධීවර ප්‍රජාව අවධානයෙන් සිටින්න

නොවැ 08, 2019

    බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පැවති "බුල්බුල්" සුළි කුණාටුව මේ වනවිට, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (8) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.

    එම කුණාටුව උතුරු අක්ෂාංශ 16.3 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නයේ පවතින අතර, ඉදිරි පැය 24 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කර බෙංගාල - බංග්ලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ ඉඩ පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

    උතුරු අක්ෂාංශ 13 ත් 22 සහ නැගෙනහිර දේශාංශ 83 ත් 94 ත් අතර මුහුදු ප්‍රදේශ වල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර නොවැම්බර් 11 වන දා දක්වා මෙම තත්ත්වය බලපැවැත්වෙන හෙයින් නාවික හා ධිවර ප්‍රජාව (බහුදින ධිවර යාත්‍රා) ඉහත මුහුදු ප්‍රදේශ වලට යාත්‍රා නොකරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට අවධාරණය කර සිටි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල (පැ.කි.මී. 70-80 ත් දක්වා) තාවකාලික තද සුළං ඇති විය හැකි වෙන බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්නැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Last modified on සිකුරාදා, 08 නොවැම්බර් 2019 13:59

    Latest News