ඡන්ද දායකයින් ලක්ෂ 3කට 10 වැනිදාට පෙර තාවකාලික හැඳුනුම්පත්

නොවැ 08, 2019

    ඡන්ද දායකයින් ලක්ෂ 3කට ලබන 10 වැනිදාට පෙර තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉල්ලුම්කරුවන්ට ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් මෙම හැඳුනුම්පත ලබාගත හැකි බවයි.

    ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ පුද්ගලයින්ට ඡන්දය භාවිත කිරීමට පමණක් හැකියාව ලැබෙන පරිදි මෙම තාවකාලික හැදුනුම්පත නිකුත් කෙරෙනු ඇත.

    විශේෂිත ආරක්ෂිත කඩදාසියක මුද්‍රණය කෙරෙන මෙම හැඳුනුම්පතෙහි ජාතික හැඳුනුම්පතට ඇතුළත් සියලු තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත් කර තිබේ.

    Latest News