රාජ්‍ය පාලනයට තරුණ නායකයෙකු පත්කර ගන්න; කුමාර වෙල්ගම

නොවැ 10, 2019

    රාජ්‍ය පාලනය සඳහා බුද්ධිමත් තරුණ නායකයෙකු තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, පාදුක්ක ප්‍රදේශයේ අද පැවති ජන රැලියකදී.

    “ දැන් මොකටද මේ තියෙන තන්හාව. අර පොඩි එකෙකුට දැන් ඕක දෙන්න එපායෑ. අපිට තරුණයෙක් කියලා කියන්න පුලුවන් හොඳ බුද්ධිය තියෙන කෙනෙක්, වයස අඩු කෙනෙක් තමයි අපි පත් කරගන්න ඕනේ. මේ රට ගැන හිතන්න. එක එක මිනිසුන්ගේ පස්සේ යන්න එපා. අපි වැරදි තීන්දුවක් ගත්තොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙයි. ඉදිරියේදී කාටවත් මාධ්‍ය විවේචනය කරන්න හම්බවෙන්නේ නැහැ. මාධ්‍යයට බැහැ ආණ්ඩුව විවේචනය කරන්න. සමහර මාධ්‍ය කඩේ යනවා. මං කියන කණ්ඩායමට ආවොත් බලයට ඉස්සෙල්ලම ගහන්නේ ඒගොල්ලන්ට කඩේ ගිය මාධ්‍යවලට. මම මේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ට කතා කරන්නේ. මට අයිතියක් තියෙනවා ඔවුන්ට කතා කරන්න. පොහොට්ටුවට විරුද්ධව ඡන්දය දීලා හරි නායකයෙක් පත් කරගන්න“ යැයි කුමාර වෙල්ගම මහතා පැවසීය.

    Latest News