සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් වසර 5ක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කළා. අපනයනය සඳහා මෙන්ම, දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීම සඳහා යන අරමුණු දෙක යටතේ තේ, කුළු බඩු, පොල්, රබර්, වී, පළතුරු, එළවළු ආදී ඕනෑම කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම් මේ අනුව වසර 5ක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
තවද කුඩා ව්‍යාපාර ඇති ව්‍යවසායකයින්ට ආර්ථික සේවා ගාස්තුවට අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.05 සිට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. මෙලෙස ආදායම් බදු සංශෝධනයට තුළින් වසා දමා තිබූ වී මොල් පවා, යළි විවෘත කර ඉහළ ආදායමක් ලබාදීමට හැකිවනු ඇති බවයි, පොළොන්නරුව දිස්ත්‍රික් වී මෝල් හිමියන් පවසන්නේ.
සුළු හා මධ්‍ය පරිමාණ යන කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට වසර 5ක ආදායම් බදු නිදහසක් ලබාදීම පිළිබඳව ඌව කුඩා තේ වතු හිමියන් ද රජයට ප්‍රසාදය පළ කරනවා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...