විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔවුන්ගේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතාවක් මතු කර තිබු අතර
ඒ පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළි ගන්නා බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කර නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවස්ථාවක් පවතින බව ද විනිසුරුවරුන් මෙහිදී නීතිපතිවරයාට පෙන්වා දුන් අතර ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දෙසැම්බර් මස 02 වන දා අධිකරණය දැනුවත් කරන ලෙසද නීතිපතිවරයාට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය.
බලපත්‍ර නොමැතිව අලි ඇතුළු පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.