වඳුරඹ ටොනේඩෝවකින් නිවාස රැසකට අලාභහානි

නොවැ 20, 2019

    ගාල්ල, වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 11 කට පමණ අර්ධ හානි සිදු වී ඇත.

    මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 20ක පුද්ගලයන් 74 දෙනෙක් විපතට පත්ව තිබේ.

    වගා හානි තුනක් ද වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.විශාල ප්‍රමාණයේ මාර ගස් කීපයක් ද ගැලවි වැටී තිබේ.

    විපතට පත් වුවන්ට සහන සැලසීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ආරම්භ කර බව අප වාර්තාකරු පවසයි.

    Latest News