වැලිමඩ - බදුල්ල මාර්ගයට ගල් පෙරලෙයි

නොවැ 30, 2019

    වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයට පුහුල්පොළ ප්‍රදේශයෙන් ගල් පෙරලීමේ අවධානමක් මතුව තිබේ.

    ඒ එම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. පුහුල්පොල ප්‍රදේශයේ 96 කිලෝමීටර කණුව ආසන්න මාර්ගයට මේ වන විට ගල් කිහිපයක් පතිත වී තිබේ. මාර්ගය ආසන්නයේ වේල්ලක කොටසක් නාය යාම මීට හේතුවයි. මාර්ගයේ රථ වාහන ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් රථ වාහන නවතා තැබීමේ දී සැලකිලිමත් වන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

     

     

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 12:44

    Latest News