ජනපති කටුනායක රේගු ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කරයි.

දෙසැ 01, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ පිහිටි මගී පරීක්‍ෂා ස්කෑනරය සහ එහි ක්‍රියාකාරීත්වයට අදාළ සියලු යන්ත්‍ර පරීක්‍ෂා කර තිබේ.

    ඒ ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකින් අනතුරුව මෙරටට පැමිණි අවස්ථාවේදී. ඒවායේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රේගුවේ අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබඳව ද පරීක්‍ෂා කළේය.

    අධි තාක්‍ෂණයෙන් යුත් මෙම යන්ත්‍රවලින් මිනිස් පරීක්‍ෂාව මෙන්ම පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, නීති විරෝධි රන් හා ස්වර්ණාභරණ පරීක්‍ෂාව ඇතුළු පරීක්‍ෂා රැසක් සිදුකරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 19:32

    Latest News