අයහපත් කාළගුණයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

දෙසැ 02, 2019

    දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදාවන්හි දී ජනතා ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරිමේ සියළු ක්‍රියාමාර්ගයන් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

    නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට මෙ මගින් උපදෙස් දි ඇතැයි ද ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    මේ අනුව මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛඋපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇතැයි ද එහි සඳහන්වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියළු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය සිදුකෙරේ.

     

     

    Latest News