2020 ලෝක විවාහක රෑ රැජින කිරුළ ශ්‍රී ලංකාවට (වීඩියෝ)

දෙසැ 07, 2019
  • 1985 පසු මුල්වරට ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට මෙරට විවාහක රූ රැජින වන කැරොලයින් ජූරී සමත්වූවාය.

     

    තරග පැවැත්වුණේ අමෙරිකාවේ, ලාස්වේගාස් නුවරදීයි.

    රෝසි සේනානායක 1984 වසරේ දි විවාහක ලෝ රූ රැජින තරගයට ඉදිරිපත්ව ජයග්‍රාහනය කිරිමෙන් වසර 35ට පසුයි කැරොලයින් ජුරී එම කිරුළ හිමකර ගනු ලැබුවේ. 


    අවසන් මහා තරගයට රටවල් 80ක් නියෝජනය කරමින් විවාහක රූ රැජිනියන් සහභාගි වූවාය. එහිදී තෙවැනි ස්ථානය වර්ජින් දූපත් නියෝජනය කළ රූ රැජින විසින් දිනාගනු ලැබුවාය. පළමු සහ දෙවැනි ස්ථාන සඳහා අවස්ථාව හිමිකර ගෙන සිටියේ, අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ විවාහක රූ රැජිනියන්. ජයග්‍රාහිකාව නිවේදනය කළ අවස්ථාව බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත්තා.


    2020 ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගිවීම සඳහා කැරොලයින් ජුරි ශ්‍රී ලංකාවෙන් අමෙරිකාව බලා පිටත්ව ගියේ නොවැම්බර් මස 30 වැනිදා. ඇය, ඔක්තෝබර් මාසයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළැදුවාය. 27 හැවිරිදි කැරොලයින් 2017 වසරේ විවාහ දිවියට පත්වූයේ නිශාන්ත දීපාල් මහතා සමඟයි. ඔවුන් සිය මුල් ජිවිතය ගත කළේ, ඩුබායි දේශයේ. වෘත්තියෙන් ඇය පාරිභෝගික සේවා විධායකවරියක් ලෙස සේවය කළාය. කැරොලයින් දෙහැවිරිදි දියණියකගේ මවක්. අප වාර්තාකරු ඔවුන් දැනට පදිංචි මහබාගේ පිහිටි නිවසට යනවිට කැරොලයින්ගේ දෙමාපියන් හා හිතමිතුරන් එහි රැස්ව සතුට බෙදාහදා ගන්නා ආකාරය දැකගන්නට හැකි විය.


    ශ්‍රී ලංකා විවාහක රූ රැජින ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතාගේ මෙයෙවීම යටතේ කැරොලයින් ජුරි, ලෝක විවාහක රූ රැජින තරගයට සූදානම් වූයේ, ප්‍රධාන හා පුහුණුකරු වන රුක්මාල් සේනානායක සහ ඉසව් නිෂ්පාදක තරිඳු ලක්‍ෂාන්ගේ සහය ඇතිවයි. වසර 35කට පසු ලෝක විවාහක රූ රැජින දිනාගත් ඇය, හෙට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.


    2020 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳ සිටින කැරොලයින් ජුරිට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සිය සුභාශිංෂණ පළ කළේය. ජනාධිපතිතුමාගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් වන්නේ, ඇය සම්බන්ධයෙන් සියල්ලන්ම ආඩම්බර වන බවයි. මේ තත්වය ඔස්සේ, ලබාගන්නා අවස්ථා විශිෂ්ඨ ලෙස උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව, සංස්කෘතිය හා මාතෘභූමිය වෙනුවෙන් තානාපතිවරියක ලෙස ක්‍රියා කරන්නැයි, ජනාධිපතිතුමා ලෝක විවාක රූ රැජිනගෙන් ඉල්ලීමක් කරයි.

    missworld px 900 19 12 07

     

     

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:09

    Latest News