මැණික් හා ස්වර්ණාභරණ ගැටලුවලට විසඳුම්; රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර (වීඩියෝ)

දෙසැ 14, 2019

    මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ මුලික ගැටලු රැසකට ඉදිරි සති කිහිපයේ දී විසඳුම් ලබාදෙන බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයරස්කර මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිතුමා සමඟ ඊයේ පැවති සාකච්ජාවේදී ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳව සාකච්ජා කළ බවයි. ඔහු මේ බව සඳහන් කළේ ජුවෙල්ස් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
    රත්න විද්‍යාඥයන්ගේ සංගමය සංවිධාන කළ ජුවෙල්ස් ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී අද ආරම්භ කෙරිණ. ඒ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන් 12 වැනි වරටයි. අද සහ හෙට ප්‍රදර්ශනය උදේ 9.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතයි. මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේ ය පිළිබඳව දේශන පැවැත්වෙන අතර භාණ්ඩ මිලදී ගැනීමේ අවස්තාව ද සලසා තිබේ.

    ප්‍රදර්ශනයට සමගාමීව රත්න විද්‍යාඥයින්ගේ සංගමයේ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් සහ විශේෂ තිළිණ ප්‍රදානයක් ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:32

    Latest News