අමු තේ දළු කිලෝවක් රු.100 දක්වා ඉහළට

දෙසැ 15, 2019

    රුපියල් 75ට තිබූ අමු තේ දළු කිලෝවක් රුපියල් සියය දක්වා ඉහළ ගොස් ඇති බව, කුඩා තේ වතු හිමියන් පවසයි.

    ඔවුන් සඳහන් කරන්නේ, නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති ඊට හේතුව බවයි. තේ ආනයනය සහ ප්‍රතිඅපනයනය රජය නතර කිරීම, කොටස් වෙළෙඳ පොළ ඉහළයාම, තේ දළුවල මිල ඉහළ යාමට හේතුවී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් සිටින කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව 75,000ක්. මීට අමතරව, රත්නපුර, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ද කුඩා තේවතු හිමියන් විශාල පිරිසක් සිටී. ඔවුන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අති විශාලයි. තේ මිල ඉහළ යාම පිළිබඳව කුඩා තේවතු හිමියන් රජයට ප්‍රසාදය පළ කරයි.

    Haton px 900 15 12 19

    මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව පොළපාලියක් සහ උත්සවයක් හැටන් නගරයේදී අද (15) පැවැත්විණ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ, වතු කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් සහ වෘත්තිය ගරුත්වයක් ලබාදෙන ලෙසයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්ත්‍රියානි මණ්ඩලය එය සංවිධාන කළේය. විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තේ දින උත්සවයට එක්වූහ.

    Latest News