රනිල් වික්‍රමසිංහ ඉදිරි වසර 3 දීත් එ.ජා.ප. නායකත්වයට; එ.ජා.ප. නීතිඥ සංගමයේ අනුමැතිය

දෙසැ 18, 2019

    රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර තුනක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය දැරිය යුතු බව, එම පක්‍ෂයේ නීතිඥ සංගමය පවසයි.

    සිරිකොත අද පැවති හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළේය. “ජනාධිපතිවරණයේ පසුබෑම නිසා අපි අඩපණ වෙන්න හොඳ නැහැ. බෙදිලා කරන්න බැහැ. මේ පක්ෂයේ එකමුතුව වැඩ කරන්න ඕනේ. අප්‍රේල් මාසයේ අන්තිම වෙනකොට මහ මැතිවරණය පැවැත්වෙනවා. අපට සිදුවෙනවා පෙබරවාරි මාසය අවසන් වනවිට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරලා ඉදිරියට යන්න. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක හැටියට අනෙක් අයත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු සිදු කරනවා. ඊළඟ කාරණාව තමයි අපේ ඉදිරි සැලසුම් සහ පක්ෂයේ ක්‍රියාකාරිත්වය රටේ ජනතාව දැනුවත් කරන එක. ඒක හැමෝම එකතුවෙලා කරන්න ඕනේ“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Latest News