උන් වහන්සේ මේ බව සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ සවස උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී. අභියෝග හමුවේ පසුපසට නොගොස්, තැබූ පියවර ඉදිරියටම තබමින්, ජනතා අපේක්ෂා ඉටු කරන ලෙස, උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. ආශිර්වාද පිරිනැමීමෙන් අනතුරුව, උන් වහන්සේ කෙටි පිළිසඳරක නිරත වූ අතර, අඩු නිපුණතාවයකින් යුත් තරුණ ප්‍රජාවට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය. රටේ සංවර්ධනය සිදු කළ යුත්තේ, පොඩි මිනිසුන් නගා සිටුවීමට විධිමත් පියවර ගනිමින් බව උන් වහන්සේ සඳහන් කළේය. අත්කම් කර්මාන්තය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන්නැයි, එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා මැති-ඇමතිවරුන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.