අසිරිමත් නත්තල උදා වෙයි

දෙසැ 25, 2019

    සාමයේ කුමරු ලෙස සුවහසක් කිතුණු බැතිමතුන්ගේ ගරු බුහුමනට පාතුවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නත්තල, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.

     එම අසිරිමත් සිදුවීම උද්‍යෝගයෙන් සැමරීමට, ලොව පුරා කුතුණු බැතිමත්හු එක්ව සිටිති. ආදරය, කරුණාව, දයාව ප්‍රදානය කරමින්, මිනිසා පාපයෙන් හා වහල්භාවයෙන් මුදා ගැනීමට, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව පහළ වූ බව, කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    උන්වහන්සේ සාමයේ, සහෝදරත්වයේ පණිවුඩය මිනිසාට දේශනා කළහ. දෙවියන් වහන්සේ තම පුත්‍රයා මෙලොවට එවීමෙන් අපේක්ෂා කළේ, දේව රාජ්‍යයේ සාරධර්ම යළි මිහිමත ජීවත් කරවීමයි.

    දේවත්වයත්, මිනිසත්බවත්, එකට යාවන ලක්‍ෂය උතුම් නත්තලයි. ලොව පුරා දෙව් මැදුරුවල ඊයේ මැදියම් රැයේ පැවැත්වූ දිව්‍ය යාගයකින් කිතු උපත සිහිපත් කෙරිණ. උන්වහන්සේගේ උපත සිදුවූ ගවලෙන සෑම දෙවි මැදුරකම සහ නිවසකම නිර්මාණය කිරීම නත්තලේ විශේෂත්වයකි. ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් සාමයත්, ප්‍රේමයත් පදනම් කරගෙන ලෝකවාසී කිතුණු බැතිමත්හු අසිරිමත් නත්තල සමරති.

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 08:45

    Latest News