රාජිතගේ වරෙන්තු යළි කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

දෙසැ 27, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ වරෙන්තු යළි කැඳවන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කළේය.

    ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 24 වැනිදා වරෙන්තුවක් නිකුත් කළේය.

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇති අතර සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළද මේවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට නොහැකි වී ඇත.

    මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පළමුවන අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ සංශෝධිත තුන්වන අපේක්ෂිත ඇප අයදුම්පතක් ද පිළිබඳ නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතයි.

    Latest News