බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පසුගිය දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 103 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ සිට යාපනය,අම්පාර,මඩකලපුව ප්‍රදේශවලට ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස්රථවල ගමන් ගන්නා පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ සිදු කෙරිණ.

අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

මුව ආවරණ නොපැළඳ බස්නාහිර පළා‍ත තුල පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීම්වල දී ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 523 දෙනෙක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගන ගෙන තිබේ.

බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ (05) දිනයේදී සිදුකළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

කොළඹ - කොටුව, ගාලූමුවදොර ප‍්‍රදේශය ආවරණය වන පරිදි අහඹු ලෙස සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 09 දෙනෙක් හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Latest News