මුව ආවරණ නොපැළදූ 14කට කොරෝනා

ජන 06, 2021

    බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ (05) දිනයේදී සිදුකළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

    රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකෙරුණු සංඛ්‍යාව 550ක්. තවත් 510 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.

    ඊයේ දිනයේ පමණක් බස්නාහිර පළාත තුළ මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    ඒ අනූව, බස්නාහිර පළාත හා දිවයිනේ අනෙකුත් පළාත්වලදී මෙම සෞඛ්‍ය නීති කඩකල පුද්ගලයින් 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on බදාදා, 06 ජනවාරි 2021 11:13

    Latest News