බංග්ලාදේශය පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පැනවීමට එරට රජය පියවර ‍ගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් සියයකට ආසන්න සංඛ්යාවක් තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරනවා.

නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, එරට ක්‍රයිස්චර්ච්හිදී.

‍‍‍‍බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා.

බංග්ලාදේශයේ හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් එහි පැය 10 කට වැඩි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකයි.

අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 2ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබේ.

බංග්ලාදේශයේ චපයි-නවාබ්-ගැන්චි ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනෙකුට අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. ප්‍රදේශ‍යේ මංගල උත්සවයකට යමින් සිටියදී ඔවුන් මේ අනතුරට ලක්ව ඇත. මෝසම් සුළි කුණාටුව සක්‍රීය වීමත් සමග බංග්ලාදේශයට අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් හා නායයාම් වාර්තා වී තිබෙනවා. දැඩි පීඩාවට පත්ව ඇත්තේ එරට රොහින්යා සරණාගත කණ්ඩායම් බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශය තුළ සෑම වසරකම මෝසම් සුළි කුණාටු සමයේ පුද්ගල මරණ වාර්තා වනවා. 2016 වසරේදී ද එරට 200 දෙනෙකු අකුණු සැර වැදීම ගියා මියගියා.

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගත්තා.

බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇති වූ දැවැන්ත ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් ඇත. තවත් 400ක පිරිසක් ඇතුරුදන් බවයි,එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනය කරන්නේ.

Latest News