17කට දිවි අහිමි කළ දුම්රිය අනතුර

ඔක් 24, 2023
    නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් සියයකට ආසන්න සංඛ්යාවක් තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරනවා.

     ඊයේ රාත්රියේ ඩකා නගරයේ ඊසාන දෙසින් දුම්රිය මාර්ගයක භාණ්ඩ ප්රවාහන දුම්රියක්, මගී ප්රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    දුම්රිය අනතුරක් සමග දුම්රිය ගමනා ගමන කටයුතු තාවකාලික අත්හිටුවා තිබෙනවා. තුවාලකරුවන් බේරා ගැනීමට දැඩි පරිශ්රමයක් යොදමින් සිටින බව, ආරක්ෂක අංශ නිවේදනය කොට තිබෙනවා. මරණ සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, එරට මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News