දිගු කාලීන පදනම යටතේ ඉන්ධන ආනයනය, මිල දී ගැනීම, රටතුළ බෙදා හැරීම සහ විකිණීමේ කටයුතු තෝරාගත් විදේශීය සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
මෙරටට ළගාවූ ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.