ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල අනපනත් අනාගතයට ගැළපෙන පරිදි යාවත්කාලින කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය , කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (සැප්තැම්බර් 23) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී අද (16) රාජකාරි ආරම්භ කළේ ය.

දැයට එළිය - ගමට බලයක් කරමින්, ''ගමට බලාගාරයක්'' සමාරම්භය සනිටුහන් කළ බව විදුලිබල අමාත්යග ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ්‍රී ලංකාවේ දේශගුණික සාධකයන්ගෙන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයට ලැබෙන්නාවූ පිටිවහල සහ දේශගුණික තත්ත්වයන් මත විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිකළ හැකි ප්‍රවර්ධනයන් පිළිබදව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ මාලදිවයින් මහකොමසාරිස් Omer A. Razak මහතා අතර විශේෂ නිල සාකච්ඡාවක් පැවැත්විනි.

ලක්ෂපාන බලාගාරයට හෝ ජලාශයට හානියක් නොමැති අනවසර ඉදිකිරීම්වල ඉඩම් හිමිකාරීත්වය පවරා දෙන්න සූදානම් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

"ලක්ෂපාන බලාගාරය සහ ඊට අයත් ජලාශ ආශ්‍රිතව පවුල් 350 ක් පමණ මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම්වල සිය වාසස්ථාන ඉදිකරගෙන ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වගාවන් පවත්වාගෙන යනවා. මෙම ඉඩම්වල නීත්‍යානූතකූල හිමිකම් තවමත්  ලංකා විදුලිබල මණ්ඩලය සතුයි.

වසර 80 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජනතාව පදිංචි වී සිටින මෙම ඉඩම් පිළිබදව සොයාබලා, බලාගාරයට හෝ ජලාශයට හානියක් නොවන ආකාරයේ ඉඩම්, අදාළ පදිංචිකරුවන් වෙත නීත්‍යානුකූලවම පවරාදීමට කටයුතු කරනවා. ඒ වගේම බලාගාරය ඉදිකරන අවස්ථාවේ ඒ වෙනුවෙන් සිය ඉඩම් අහිමි වූවන් ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානයේ, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ස්ථාපිත විදුලිපුර විද්‍යාලයේ සහ ආරෝග්‍ය ශාලා දෙකක නීත්‍යානුකූල ඉඩම් හිමිකම්ද අදාල ආයතන වෙත පවරාදීමට කටයුතු කරනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

ලක්ෂපාන බලාගාරය සහ ජලාශය ආශ්‍රිතව ලංකා විදුලිබල මණ්ඩලය සත ඉඩම්වල ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් ලබාදිය හැකි විසදුම් පිළිබදව පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රමුඛ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, බලාගාර නිළධාරීන් සහ අදාළ පදිංචිකරුවන් සමග විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

ලක්ෂපාන බලාගාරය ඉදිකරන අවස්ථාවේ සිය පාරම්පරික ඉඩම් හිමිකම් අහිමිවූවන් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිපුර ගම්මානය ඉදිකර ඔවුන් පදිංචි කර තිබේ. මේ වනවිට බලාගාරය හා ජලාශය අවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතුවලට අනුව රක්ෂිත ප්‍රදේශයන්ගේ ද වාසස්ථාන ඉදිකිරීම් සිදුවී ඇති බවත්, එයින් සමහරක් ඉදිකිරීම් හේතුවෙන් ජලාශයට මෙන්ම බලාගාරයට යම් යම් බලපෑම් ඇතිවිය හැකි බවත් කරුණු අනාවරණය වී තිබේ. එබැවින් එවැනි ස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු නොකළයුතු බව, මෙම සාකච්ඡාවට සහභාගී වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අදහස් දක්වන ලදී.

ඒ අනුව එම අනවසර ඉදිකිරීම් පිළිබදව කඩිනම් අධ්‍යයනයක් සිදුකර, පවරා දියහැකි තත්ත්වයේ පවතින ඉඩම්වල හිමිකාරීත්වය එම ඉදිකිරීම් හිමිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යතුමන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මාස 03 ක් ඇතුළත අදාළ මැනුම් කටයුතු සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම්දෙන ලදී. එසේම ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය පාරම්පරික ඉඩම් හිමිකාරීත්වය අහිමිවූ මෙම ජනතාව වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසා සිටියේ, වසර 80 කට අධික කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ජීවත්වූ මෙම ජනතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර, ලබාදිය හැකි මට්ටමේ පවතින ඉඩම් ඔවුන් වෙත පවරාදීමට කටයුතු කරන ලෙසත්‍, ඒ වෙනුවෙන් යම් ගෙවීමක් සිදුකළ යුතුනම්, එය දන්වන ලෙසත්ය.

ශ්‍රී ලංකාවේ විදුලි සැපයුම 100% ක් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනයකට එක්වෙමින් අමාත්‍යවරු අදහස් දක්වයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක ධාරිතාවක් එක් කිරීමට නියමිත මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක්වේ.

ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිතයි. ඒ හෙට (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News