තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට තවත් ආයතන තුනක් එක් කර තිබෙනවා.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද දිවුරුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙයි.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා පත් කර තිබේ.

Latest News