ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තුවට

ජූනි 22, 2022

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

    ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

    ඔහුගේ මෙම පත් කිරීම සඳහා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඊයේ (21) දින ඒවා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

    Latest News