කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග වසාදැමුනු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (14) දින සිට යළි ජනතාවට විවෘත කර තිබේ.

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයන් 158 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය හා අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ රාජාංගණය හා ලංකාපුර ප්‍රදේශවල පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

Latest News