කොළඹ, පැජට් පාරේ පිහිටි සිය නිල නිවස ලබාගත් ආකාරය තුළින් මූලික අයිතීන් කඩ වන බවට චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 9 වන දා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත මෙරටදී සිදුවූ කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයෙකු වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැදවීමට හැකිවූයේ ජනාධිපතිවරයෙකු සතුව පැවති මුක්තිය 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තමන් විසින්ම ඉවත් කරගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සංවර්ධනය සඳහා ඉදිරි මාස 04 තුළ මෙම වැඩපිළිවෙළ ඉතා වැදගත් වන බවත් හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.
“ලෝක මුස්ලිම් ලීගය” නමැති සංවිධානය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබාදුන් බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලීසිය සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණය හමුවේ කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.