උතුරු මුහුදේ දරුණු නෞකා අනතුරක්

මාර් 11, 2025
    උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබෙනවා.

    ඉන් එක් නෞකාවක් ගිලී ගොස් ඇති අතර, අනෙක් නෞකාව ගිනිගෙන විනාශ වී තිබෙනවා.

    ගැටුණු එක් නෞකාවක් ජෙට් ඉන්ධන රැගෙන යමින් සිටි අතර අනෙක අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්.
    කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අතුරුදන් වී ඇති අතර, ඔහු සෙවීමේ කටයුතු නතර කර ඇති බව, බ්‍රිතාන්‍ය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළා.
    එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි එක්සත් ජනපදයේ ලියාපදිංචි ස්ටෙනා ඉමැකුලේට් නෞකාව සහ පෘතුගීසි ධජය සහිත සොලොන්ග් නෞකාව මෙලෙස අනතුරට ලක් වුණා.
    පුද්ගලයින් 36 දෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු රෝහල් ගතකර තිබෙනවා.
    මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාව හදිසියේ පැමිණ තෙල් ප්‍රවාහන නෞකාවේ ගැටී ඇති බවයි.
    "හම්බර්" මෝය අසලින් මුහුදට ජෙට් ඉන්ධන කාන්දු වී ඇති බව, මේ වන විට තහවුරු වී ඇති අතර පාරිසරික හානියක් තක්සේරු කරමින් සිටිනවා.
    ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කොටසක් කැඩී ගිය විට "යාත්‍රාව තුළ බහු පිපිරීම්" සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.
    පරීක්ෂකවරුන් සහ සහායක කාර්ය මණ්ඩලයක් සාක්ෂි රැස් කිරීම ආරම්භ කර ඇති අතර, එහි ඊළඟ පියවර තීරණය කිරීම සඳහා මූලික තක්සේරුවක් සිදු කරමින් සිටින බවයි, බලධාරීන් පවසන්නේ.

    Latest News