කොළඹ මැනිං වෙළදපොළට පැමිණෙන තොග වෙළදුන්ට පෑලියගොඩ ප‍්‍රදේශයේ නව ස්ථානයක් ලබාදීම රජයේ අවධානය යොමුව තිබේ.

අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කෙරන බව මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කළේය.

දැනට උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං වෙළඳපොළ තවත් සතියක කාලයකට වසා තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියි.

පරිභෝගික අධිකාරිය එළවළු තොග අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ උපරිම මිලක් පැනවීමට ක්‍රියා කළේය.

හිඟයකින්‌ තොරව, ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ දෛනිකව කියාත්මක කර ඇතැයි, කොටුව තොග වෙළෙළ සංගමය හා මැනිං වෙළෙඳපොළ සංගමය පවසයි.

ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරයි.

Latest News