සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ.
ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ(20) දිනයේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.
නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.
ජාතික ක්‍රීඩා සභාව
ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.
තවද ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.
නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදි.
නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18) රාජකාරී ආරම්භ කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව වැරදි ප්‍රචාරයක් ගෙන යන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි නිලමුද්‍රාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිලිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ළක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස 27 වන දා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති ගවර්ස් කෝපරේට් නඩුවේ විභාගය ජුනි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.